Take a fresh look at your lifestyle.

කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් පිටුපස අමිත්, නාමල් ඉන්නවාද?

කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධව මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව අමිත් වීරසිංහව මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසනවා. නාමල් කුමාරව අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොලදී ය.

කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධ සැකකරුවන් ඇත්අඩංගුවට ගැනීමට පොලිස් අධිකාරිවරයෙකුගේ අධිකරෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙන බව සඳහන්.

Leave A Reply

Your email address will not be published.