Take a fresh look at your lifestyle.

“ජනාධිපති බයයි මුලින්ම එයාව අත්අඩංගුවට ගනියි කියලා”

තමන්ට නීතිය හා සාමය ආමාත්‍යධූරය ලබා දීම දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ජනාධිපතිවරයාව තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන බියෙන් පසුවන හෙයින් බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නීතිය ක්‍රියාත්මක කිරීම යනු පළිගැනීම නොවන අතර වැරදි කළ අයට ඊට මුහුණ දීමට සිදුවන බවයි ෆොන්සේකා මහතා පෙන්වාදුන්නේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිවෙකුත් ආරක්ෂා කිරීමට අවශ්‍ය නැති අතර අදාළ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිදහස් දීම කළ යුතු බව හෙතෙම පැවසුවේය.

කෙසේ වෙතත් තමන්ට වෙනත් කැබිනට් අමාත්‍ය ධූරයක් සමඟ ආරක්ෂක කවුන්සිලයේ උපදේශක තනතුරක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී තිබුණද තමන් ඊට කිසිලෙසකින්වත් එකඟ නොමැති බව ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

Leave A Reply

Your email address will not be published.