Take a fresh look at your lifestyle.

ප්‍රදේශ කිහිපයක උණුසුම් තත්ත්වයක්

නැගෙනහිර, උතුරුමැද පළාත්වල සහ මන්නාරම, වවුනියා, මුලතිව්, කිලිනොච්චිය දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මෙම තත්වය හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වී මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි අතර ඒ නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

Leave A Reply

Your email address will not be published.