Take a fresh look at your lifestyle.

දරුවන් 7දෙනෙකුගේ පියෙකුවන තායි රජු හතරවන වරටත් විවාහ වේ

තායිලන්තයේ මහාවජිරලොන්ග්කොන් රජු සිය පෞද්ගලික ආරක්ෂක අංශයේ උප ප්‍රධානිය හා විවාහ වී ඇත.

ඊයේ (01) දිනයේ මෙම විවාහ මංගලෝත්සවය පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රජු හා විවාහ වූ පෞද්ගලික ආරක්ෂක අංශයේ උප ප්‍රධානිය වන සතීඩා ටිඩ්ජායි තායි ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කර ඇති අතර 2014 වසරේදී ඇය රජුගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ උප ප්‍රධානිය ලෙස පත් කර තිබුණි.

රජු හා ඇයගේ ප්‍රේම සම්බන්ධතාවක් පවතින බවට විදෙස් මාධ්‍යටවල‍ තොරතුරු වාර්තා වී තිබුණ ද ඔවුන් දෙදෙනා විවාහ වන තුරුම එරට රාජකීය මන්දිරය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නොතිබූ බව සඳහන්ය.

66 හැවිරිදි මහාවජිරලොන්ග්කොන් රජු මීට පෙර අවස්ථා 3 කදී විවාහ වී දික්කසාද වී ඇති අතර ඔහුට දරුවන් 7 දෙනෙකුද වෙයි.

Leave A Reply

Your email address will not be published.