Take a fresh look at your lifestyle.

කඩු භාවිත කර කැලෑ කපන්නේ මොන රටේද ?

ඇතැම් මුස්ලිම් දේවස්ථානවල තිබී හමුවූ කඩු, එම දේවස්ථාන අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ගෙන ආ ඒවා යැයි කියවෙන බව මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ හලීම් පවසයි.

බොහෝ මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සුසාන භූමි පවතින බවත් ඒවායේ කැලෑ වැවුණු විට කපා දැමීම සඳහා මෙම උපකරණ රැගෙන පැමිණි බවක් තමන් ඒ පිළිබඳ විමසීමේදී ඇතැමුන් විසින් ප්‍රකාශ කෙරුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම ජාතික තව්හිද් ජමාත් සංවිධානය මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ සංවිධානයක් නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍ය එම්. එච්. ඒ හලීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


කෙසේ වෙතත් සාමාන්‍යයෙන් කැලෑ එළි කිරීමට භාවිත කරන්නේ පිහිය, මන්නය, පොරොව වැනි සාමාන්‍ය ආයුධ මිස කඩු නොවන වග දරුවෙකු පවා හොඳින් දන්නා කරුණකි.

Leave A Reply

Your email address will not be published.