Take a fresh look at your lifestyle.

රටේ ජනතාවගේ දුක ධෛර්යයක් කරගත් හිරුණිගෙන් වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික දිගු දුර ධාවන ක්‍රීඩිකාවක් වන හිරුණි විජයරත්න ජර්මනියේදී අද (28 වැනිදා) පැවැති ඩසල්ඩොෆ් මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනාගත්තාය. පැය 2 යි විනාඩි 34.10 කින් තරගය නිම කළ ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිට වූවාය.

දැඩි ශීතල මැද්දේ දිවගිය ඇය තරගය නිමකළේ අපහසුතා රැසකට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමගින් ඇය දෝහා හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියටද සුදුසුකම් ලැබුවාය.

“මගේ පාද වල මස්පිඬු පෙරළිලා. ඒත් මම ශක්තිමත් විය යුතුයි කියලා මම මටම කියාගනිමින් දිව්වා…. පසුගිය සතියේ ශ්‍රී ලාංකිකයන් විඳපු වේදනාවේ හැටියට මේක වේදනාවක් නෙමේ” යයි ඇය තරගයෙන් අනතුරුව පැවසුවාය.

තමන් දිනාගත්තේ තරගයේ දෙවැනි ස්ථානය වුවත් එය ඉදිරිය සඳහා විශාල බලාපොරොත්තුවක් බවද ඇය පැවසුවාය.

Leave A Reply

Your email address will not be published.