Take a fresh look at your lifestyle.

කිඹුල් මස් ජාවාරමක් අල්ලයි

කිඹුලන් මරා මස් කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් සිව් දෙනකු 28 දින පස්වරුවේ ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිරියාගම, හල්මිල්ලවැවේ සිටි කිඹුලකු දැල් දමා අල්ලා පොලුවලින් පහර දී මරා මස් කිරීම සඳහා ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනිණ. සැකකරුවන් දඹුලු හල්මිල්ලව ප්‍රදේශයේ පදිංචිකරුන්. මීට පෙරද හබරණ පලුගස්වැව ප්‍රදේශයේ ද මහා පරිමාණයෙන් කිඹුලන් මරා මස් අලෙවිකරන ජාවාරමක් හබරණ පොලිසිය හෙළිකොට ගෙන තිබිණි. සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.