Take a fresh look at your lifestyle.

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවලපිටිය පොලිසිය මගින් ඊයේ උදැසන සිට සිදුකල මෙහෙයුමකින් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යයව සිටී සැකකරුවන් දෙදෙනෙක් වන මොහොමඩ් ශාහිඩ් අබ්දුල් හක් සහ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක් යන අය අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් එක් පුද්ගලයකු නාවලපිටිය නගරයේ ජංගම දුරකථන වෙලදසැලක සේවය කරන පුද්ගලයෙකි. පොලිසිය ඔහුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරිමෙදි ගම්පොල ප්‍රදේශයේ පුද්ගලයෙකු පිලිබද ප්‍රකාශ කොට ඇත. වහාම ක්‍රියාත්මක වු නාවලපිටිය පොලිසියේ නිලධාරින් ඊයේ රාත්‍රි එම පුද්ගලයාත් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව නාවලපිටිය පොලිසිය පරීක්ශන පවත්වයි


සානක ප්‍රසාද්
ජනයුගය – හැටන් වාර්තාකරු

 

Leave A Reply

Your email address will not be published.