Take a fresh look at your lifestyle.

නොත්‍රදාම් ගින්නට පෙර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹයි

නොත්‍රදාම් දේවස්ථානය ගිනි ගැනීමට පැය කිහිපයකනට පෙර ගනු ලැබූ ඡායාරූපයක් මේවන විට සමාජ මාධ්‍යවල විශාල අවදානයකට ලක්ව තිබේ.

එය ලබාගෙන ඇත්තේ අමෙරිකානු ජාතික 23 හැවිරිදි බෲක් වින්ඩ්සර් නැමැති තරුණියකි.

කෙසේ නමුත් ඇය සදහන් කර ඇත්තේ අදාළ ඡායාරූපයේ සිටින පියා සහ දියණිය කවුරුන්දැයි තමන් නොදන්නා බවයි. මෙමපියා සහ දියණිය දේවස්ථානය ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටින ආකාරයක් දැක්වේ.

ඔවුන්ට මෙම ඡායාරූපය ලබා දීමට අවශ්‍ය බැවින් ඒ සදහා සහය වන්නැයි මෙම තරුණිය Twitter පිටුව හරහා ඉල්ලීමක් කර ඇත. අදාළ ඉල්ලීමට මේවන විට ලක්‍ෂ ගණනක් ප්‍රතිචාර දක්වා ඇතැයි ද වාර්තා වේ.

එම ඡායාරූපය පහතින්

Leave A Reply

Your email address will not be published.