Take a fresh look at your lifestyle.

වැස්ස පටන් ගත්තත් රස්නය දිගටම තියෙනවා

මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් ඉදිරි දිනවල බොහෝ පළාත්වල සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විශේෂයෙන් ඉදිරි සතියේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවැසුවාය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව හමන තද සුළං ඇතිවිය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


ගයාත්‍රි ගීගනආරච්චි

Leave A Reply

Your email address will not be published.