Take a fresh look at your lifestyle.

සමලිංගික කටයුතුවලට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකු ගල් ගසා මරා දැමීමට නව ඉස්ලාමීය නීතියක්

සමලිංගික කටයුතුවලට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකු ගල් ගසා මරා දැමීමට හැකි වන පරිදි ආසියානු රටක් වන බෲනායි රාජ්‍යය ඊයේ(03) සිට දැඩි නීති මාලාවක් හඳුන්වාදී තිබෙනවා.

බෲනායි රාජ්‍යය තුළ සමලිංගිකයින් ලෙස හැසිරුණු බවට ඔප්පු වූ පුද්ගලයින් හට මේ වනවිටත් වසර 10ක සිරදඬුවමකට යටත් වීමට සිදුවනවා.

එහෙත් සමලිංගික ක්‍රියා සඳහා එම දඬුවම ප‍්‍රමාණවත් නොමැති බවත්, සිය රට තුළ ඉස්ලාමීය නීතිය දැඩි ක්‍රියාත්මක විය යුතු බවත් බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයෙකු වන හසනාල් බෝල්කේ පවසනවා.

ඒ අනුවයි ඔහු මෙම නව නීති මාලව ක්‍රියාත්මක කර ඇත්තේ. මීට අමතරව සොරකම් සඳහා වරදකරුවන් වන පුද්ගලයින්ගේ අත් පා කපා දැමීමද නව නීතිමාලාවට අනුව සිදුවන බව සඳහන්.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම නව නීතිමාලාවට විරෝධය පලකර තිබෙනවා.

හසනාල් බෝල්කේ

Leave A Reply

Your email address will not be published.