Take a fresh look at your lifestyle.

අධික උෂ්ණත්වය මැයි මාසය අග දක්වා

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය ලබන මැයි මස අග පමණ වන තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රේල් මස මැදදී අන්තර් මෝසම් ස්ථාපිත විය හැකි වුවද ඒ හේතුවෙන් අධික රස්නය මුළුමනින්ම අඩුවෙන්නේ නැති බවත් මැයි මස අග වන විට නිරිතදිග වැසි මෝසම ස්ථාපනය වීමත් සමග මෙම තත්ත්වය සමනය වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණකුලසූරිය ලක්බිමට පැවැසුවාය.

පෙබරවාරි මාසයේ සිට මැයි මාසය අග වනතෙක් සෑම වසරකදීම මේ ආකාරයෙන් අධික රස්නයක් පැවැතීම සාමාන්‍ය තත්ත්වයක් බවද ඇය පෙන්වා දුන්නාය.

Leave A Reply

Your email address will not be published.