Take a fresh look at your lifestyle.

“ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය තීරණය කළා කියලා ජනාධිපති කිව්වට, මම ඒ ගැන දන්නෙවත් නැහැ”

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුවද එවැනි තීරණයක් ගත් බවක් තමා මේවනතෙක් නොදන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා “ලක්බිම“ කළ විමසීමකදී පැවසීය. අද (26) පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනබවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.


චම්ලි ඒකනායක

Leave A Reply

Your email address will not be published.