Take a fresh look at your lifestyle.

හෙට ඉඳන් විදුලිය සැපයීමට සීමාවක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලිබල සැපයුම සීමා කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවයි එහි සාමාන්‍යාධිකාරී එස්.ඩී.ඩබ්. ගුණවර්ධන මහතා පවසන්නේ. බිඳවැටීම් වළක්වා ගැනීමේ අරමුණෙන් හෙට සිට විදුලිසැපයුම සීමා කිරීම සිදුකෙරේ.

ඒ අනුව පෙ.ව 8.30 සිට පෙ.ව 11.30, පෙ.ව11.30 සිට ප.ව 2.30, ප.ව 2.30 සිට ප.ව5.30 හා ප.ව 6.30 සිට ප.ව 7.30 හෝ ප.ව 7.30 සිට ප.ව 8.30 කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.