Take a fresh look at your lifestyle.

මිල සූත්‍රයට අනුව කිරිපිට මිල ඉහලට

කැබිනට් මණ්ඩලය විසින් පසුගිය දා අනුමැතිය ලබා දුන් කිරිපිටි මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව වෙළඳපොළේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර, කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 25කින් ද ඉහළ දමා ඇති බව සඳහන්.

කෙසේවුවද කිරිපිටි භාවිතය මිනිස් සිරුරට අහිතකර ප්‍රතිපල ලබා දෙන බවට වෛද්‍යවරු පෙන්වා දුන් අතර ඒ පිළිබඳව රජය කිසිඳු අවධානයක් යොමු නොකර මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පමණක් අවධාන යොමු කිරීම සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පළ කරයි.

Leave A Reply

Your email address will not be published.