Take a fresh look at your lifestyle.

ශ්‍රීලනිපයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අඟුණකොළපැලැස්සෙදී මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව තරඟකොට ජනාධිපතිවරණය ජයගත නොහැකි බව පවසන ජයසේකර මහතා, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩ නගන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාම වන බවයි පෙන්වා දෙන්නේ.

එසේ නොවන්නේනම් ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කරගැනීමට ඉඩහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී පසෙකට වී සිටින බවද පැවසීය.

Leave A Reply

Your email address will not be published.