Take a fresh look at your lifestyle.

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි

මෙහි දැක්වෙන්නේ මැදවච්චිය ඉසින්බැස්සගල විහාරයෙන් නොබෝ දිනකට පෙර හමු වු සෙල්ලිපියයි. මෙය ඒ විහාරයේ තිබෙන පිහිටි ගල් පර්වතයක කොටා තිබෙන්නක්.

ස්වභාවික උවදුරුවලට ලක්වීමෙන් එය සෑහෙන දුරට මැකී ගොස් තිබෙනවා. මෙම සෙල්ලිපිය මීට අවුරුදු 1700 කට පමණ ඉහත කාලයකදී කොටවන ලද්දක් බව එහි තිබෙන අක්ෂර අනුව වටා ගත හැකියි.

නාගදාඨා සහ සුමනගෝණ නමින් හදුන්වන ලද පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම විහාරයට වැවකින් ලැබෙන ආදායම පූජා කළ බව එහි සඳහන්.

ඒ කාලයේ මෙම විහාරය හඳුන්වා දී තිබෙන්නේ අසියකර විහාරය යනුවෙන්. අසිය යන පදය පැරණි සිංහල භාෂාවේ සෘෂි යන පදයට සමාන තේරුමකින් සෙල්ලිපිවල යොදා තිබෙනවා.අසියකර යන නමේ සම්පූර්ණ තේරැම සෘෂීන් විසූ විහාරය ලෙස ගත හැකියි.

අද එය ඉසින්බැස්සගල වුවත් එදා එය ඉසින්විසු විහාරය ලෙස සලකා තිබෙනවා. ලබන වෙසක් පෝ දිනට එම සෙල්ලිපිය දැක්වෙන පුවරුවක් පන්සල් භූමියේ විවෘත කිරීමට නියමිතයි. අපි මේ වෙසක් පොහෝදින ඒ අසිරිමත් විහාරයේ ඉතිහාසය නැවත ගොඩ නංවමු.

Leave A Reply

Your email address will not be published.