Take a fresh look at your lifestyle.

කසල ගොඩක් වී තිබුණු ශ්‍රී පාදය දින දෙකක් තිස්සේ ගුවන් හමුදාව විසින් පිරිසිඳු කරයි

ශ්‍රි ලංකා ගුවන් හමුදාවට 68 වසරක් සපිරිම නිමිතත්තෙන් ශ්‍රි පාද පුද බිම කේන්ද්‍ර කර ගනිමින් දින දෙකක් පුරා සිදු කල පරිසර වැඩසටහන ඊයේ(07) පස්වරුවේ අවසන් කළා.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 300කට ආසන්න සෙබළුන් පිරිසක් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කොළඹ ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි එයාර් කොමදොරු වර්ණ ගුණවර්ධන මහතාගේ මෙහෙයවිම යටතේ එම සෙබළුන් පිරිස පසුගියදා(06) උදෑසන සිට අද පස්වරුව තෙක් ශ්‍රි පාද හැටන් මාර්ගයේත් ශ්‍රි පාද රත්නපුර මාර්ගයේත්, ශ්‍රි පාද උඩු මළුවේත්, වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍යය එක්රැස් කර මස්කෙලිය ප්‍රාදේශි සභාව වෙත අද භාරදෙනු ලැබුවා.

මෙම පරිසර වැඩසටහනට සමගාමිව හැටන් මාර්ගයේත්, රත්නපුර මාර්ගයේත් පිහිටි විශ්‍රාම ශාලාවල් පිරිසිඳු කර තින්ත ආලේප කර විදුලි අලුත්වැඩියාවද සිදු කරනු ලැබුවා.

මෙම පාරිසරික වැඩසටහනේදි ගුවන් හමුදා භට පිරිස් විසින් එක්රුස් කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍යය හැටන් ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සාම චෛත්‍යය ප්‍රදේශයේදි මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් නල්ලතන්නියේ පවත්වාගෙන යන කැලි කසල ප්‍රතිචක්‍රිකරණය කරන නිලධාරින්ට භාරදෙනු ලැබුවා.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ අනුශානසාව පරිදි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් පරිදි කොළඹ ගුවන් හමුදා කදවුරේ අණ දෙන නිලධාරි, නිලධාරින් සහසෙබළුන් පිරිස් විසින් මෙම පාරිසරික වැඩසටහන සිදු කරනු ලැබුවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave A Reply

Your email address will not be published.