Take a fresh look at your lifestyle.

මදුෂ්, අමල්, නදීමාල් ගැන ඩුබායි තීන්දුව

ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදූෂ්, ගායක අමල් පෙරේරා,ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනා බන්ධනාගාර ගත කාලය තවත් මසකින් දීර්ඝ කර තිබේ.

එ අනුව ඔවුන් කණ්ඩායම මාර්තු 28 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඩුබායිහි පොලිස් බාරයේ සිටි මොවුන් ඊයේ (28) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුයි රිමාන්ඩ් කාලය යළි දීර්ඝ කර ඇත්තේ. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් නීතීඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා ඉදිරිපත්ව සිටි.

ඩුබායි පොලීසිය පෙබරවාරි 5 වනදා අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා පිළිබඳ පරික්ෂණ වාර්තා එරට පොලීසිය මඟින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත යොමුක කර ඇති බව වාර්තාවේ. ඩුබායි පොලිසියේ අත්අඩංගුවට ගැනුන මාකඳුරේ මධුෂ්, ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා එරට අධිකරණය පසුගිය 14 වන දා ඉදිරිපත් කෙරුණ අතර එහිදි නියෝග කෙරුණේ පෙබරවාරි 28 වැනිදා දක්වා රඳවා ගැනීමටයි. ඒ අනුව ඊයේ (28) නැවත අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

Leave A Reply

Your email address will not be published.