Take a fresh look at your lifestyle.

විල්පත්තු විනාශයට එරෙහිව ‘ඇමති රිෂාඩ්ට තීන්දුව දෙන’ දිනය මෙන්න

නැවත පදිංචි කිරීම් සිදු කිරීමට විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර ඇති බව පවසමින් ගොනු කරන ලද රිට් පෙත්සමේ නියෝගය අගෝස්තු 06 ලබාදෙන බව අභියාචනාධිකරණය අද (27) දැනුම් දුන්නා.

පැමිණිලිකාර සහ වගඋත්තරකරකාර පාර්ශ්වයේ වාචික දේශන අවසන් බැවින් තීන්දුව එදින ප්‍රකාශයට පත් කරනු ඇති.

අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන ඉදිරියේ මෙම පෙත්සම කැඳවන අතර විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපති, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.