Take a fresh look at your lifestyle.

බදුල්ල මහ රෝහලේදී දුර්ලභ සැත්කමක්

දිවයිනේ ප්‍රථම වරට රෝගයෙකුගේ වකුගඩු දෙකෙහිම තිබූ ගල් 6 ක් උදරය විවෘත නොකර කුඩුකර ඉවත් කිරිමේ සැත්කම් තුනක් බදුල්ල මහ රෝහලේදි ඊයේ (25දා) සිදුකළා.

මිලි මීටර් 4 ක කැපුමකින් නවිණ උපකරණ භාවිත කර වකුගඩු තුළදීම වකුගඩුවලට හානි නොවන ලෙස මෙම ගල් කුඩුකර ඉවත් කර තිබෙනවා.

මෙය සැත්කම් තුනක් (PCNLක්‍රමය) එකවර සිදුකීරිමේ ඉතා දුලබ අවස්ථාවක් බවයි බදුල්ල මහ රෝහල සඳහන් කළේ.

48 හැවිරිදි කාන්තාවකගේ මෙම සැත්කම කරනු ලැබුවේ බදුල්ල මහ රොහලේ විශේෂඥ වෛද්‍ය කළණ පරනපල්ලියගුරුගේ වෛද්‍යවරයා විසින්. ශල්‍යකර්මයෙන් පසු කාන්තාව සුවසේ පසුවන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.