Take a fresh look at your lifestyle.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බර කිලෝ 42කින් වැඩිවෙලා?

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ විදුලි සෝපාන ගැටළුවයි. ඉකුත් 7දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනකු රැගෙන ගමන් කළ විදුලි සෝපානයක් විනාඩි කිහිපයක් හිරවීම නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කළ අතර, මේවනවිට තීරණය වී ඇත්තේ රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමටය.

එවැනි තීරණයක් ගෙන තිබෙන අවස්ථාවකදී අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන සම්බන්ධයෙන් සිවිශේෂී කරුණක් හෙලිකරයි. ඔහු තම ට්විටර් ගිණුමේ ඡායාරූප දෙකක් පලකරමින් පවසන්නේ එකම විදුලි සෝපානයේ ගමන් කළ හැකි පිරිස සම්බන්ධයෙන් ඇති පරස්පර විරෝධී දැන්වීම් දෙක අනුව තමා ව්‍යාකූලත්වයට පත්වන බවයි. ඔහු විමසා සිටින්නේ මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය බර මේවනවිට වැඩිවී ඇතිද යන්නයි.

ස්ථීර ලෙස සටහන් කර ඇති පුවරුවේ සටහන්ව ඇත්තේ පුද්ගලයින් 13 දෙනෙකුට එකවර ගමන්කළ හැකි බව හෝ කිලෝ ග්‍රෑම් 900ක් එකවර රැගෙන යා හැකි බවයි. දැනට සවිකර ඇති තාවකාලික පුවරුවේ සටහන්ව ඇත්තේ ගමන් කළ හැකි පිරිස 8 දෙනෙකු බවයි.

ඒ අනුව ගත් කළ පාර්ලිමේන්තුව ඉදිකළ කාලසීමාවේ, එනම් 1982දී එක් මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය බර ලෙස සලකා ඇත්තේ කිලෝග්‍රෑම් 69.23 (900/13 = 69.23)කි. මේ වනවිට එම සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 112.5 (900/8 = 112.5) ක් වී ඇති බව පෙනී යයි. එසේ ගත්කල ගතවූ අවුරුදු 37 තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 42කින් වැඩි වී ඇත.

1 Comment
  1. Gamage Samantha says

    fuck minsters

Leave A Reply

Your email address will not be published.