Take a fresh look at your lifestyle.

හමුදා සාමාජිකයින්ට රාජකාරී වේලාව තුළ Smartphone භාවිතය තහනම් කරයි

රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන්ට රාජකාරී වේලාවේදී ස්මාට් ජංගම දුරකථන භාවිත වළක්වමින් එරට පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කර තිබෙනවා.

එහිදී සඳහන් වී ඇත්තේ රාජකාරී අවස්ථාවේදී ආරක්ෂක අංශ සාමාජිකයන් සමාජජාලා භාවිතය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් ගෙනදී ඇති බවයි.

ඒ අනුව, මින් ඉදිරියට රාජකාරී කාලය තුළ ඡායාරූප, වීඩියෝ පටිගත කිරීම් හෝ අන්තර්ජාලා භාවිතය සිදුකෙරෙන ආකාරයෙන් ස්මාට් ජංගම දුරකථන භාවිතය රුසියානු ආරක්ෂක අංශවලට තහනම් වනු ඇති.

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ව්‍යවස්ථා සම්පාදකයන් 450න් 400ක් මෙම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, දුරකථන ඇමතුමක් ලබාගැනීම, කෙටි පණිවුඩයක් යැවීම ආදී සාමාන්‍ය භාවිතයක් සහිත ජංගම දුරකථනයක් රාජකාරී අවස්ථාවේදී භාවිත කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවෙනු ඇති.

Leave A Reply

Your email address will not be published.