Take a fresh look at your lifestyle.

කාන්තා දිනය දා සිට කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි

කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කරමින් පවතියි.

ලෝක කාන්තා දිනය යෙදෙන මාර්තු මස 08 වන දාට සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 6ක කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කිරීමට නියමිත බවයි.

සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය 6 මේ සඳහා තෝරාගෙන ඇති බව සදහන්.

මීට පෙර ද කාන්තාවන් සඳහා වෙන් වූ දුම්රිය මැදිරි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුවද පසුව එය නවතා දැමීමට කටයුතු කර තිබුනි.

Leave A Reply

Your email address will not be published.