Take a fresh look at your lifestyle.

යෙහෙළියන්ගේ ලිංගික හිංසන ඉවසාගත නොහැකිව සිසුවියක් ගෙල වැලලාගනී

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සහතික ලත් පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි දැරියක් වැසිකිළියක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී පසුගියදා (20) පෙරවරුවේ එහි පාලනාධිකාරය විසින් සොයාගෙන ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හබරන, සුරියගම පදිංචි සඳුනි ඉරේෂා සමරකෝන් නමැති දැරියකි.

අධිකරණ නියෝගයක් මත මියගිය දැරිය මෙම පාසලේ ඉගෙනුම ලබමින් සිට ඇත.

මියගිය දැරියගේ මළසිරුර ප්‍රථමයෙන් සහෝදර සිසුවියක් දැක එහි විදුහල්පතිනිය දැනුවත් කර තිබේ.

රෙදි පටියක් උපයෝගී කරගෙන වැසිකිලියේ කවුළුවේ කම්බි කුරක එල්ලී ගෙල වැලලාගෙන සිටි දැරිය එහි පාලනාධිකාරිය විසින් දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කිරීමට අද පෙරවරු 10.00 ට පමණ රැගෙන එන විටත් මියගොස් සිට ඇත.

පාසලේ ඉගෙනුම ලබන සිසුවියන්ගේ ලිංගික පීඩනයන් දරාගත නොහැකිව ගෙල වැලලාගෙන ඇති බව මුලික පරීක්ෂණවලදී අනාරවරණය වී ඇත.

කැකිරාව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.


අශෝක එරමිනිගම්මන – දඹුල්ල

Leave A Reply

Your email address will not be published.