Take a fresh look at your lifestyle.

රන්ජන්ගේ ‘කොකේන්’ ප්‍රකාශය විමර්ශනයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කමිටුව රැස්වේ.

කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රන්ජන් රාමනායක මහතාට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳ තමා වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස කථානායකවරයා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ.

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය අපරාධ විර්ශන අංශයට ලබාදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Leave A Reply

Your email address will not be published.