Take a fresh look at your lifestyle.

දැව ජාවාරමට හරස් වූ ලේකම්වරියට මාරුවක්

“නීල හරිත ගම්මාන” ව්‍යාපෘතිය යටතේ මාතලේ අඹන්ගඟ කොට්ඨාසයේ දැවැන්ත කොස් ගස් 450ක් සමඟ ගස් 5250ක් ජාවාරම්කරුවන්ට විකිණීමට ගත් උත්සාහයක් වැළැක්වූ ප්‍රාදේශීය ලේකම්වරියක දිස්ත්‍රික්කයෙන් පිටට මාරු කර ඇති බව මධ්‍යම පළාත් සභාවේ එ.ජ.නි.ස. හිටපු මන්ත්‍රි ආචාර්ය ටී.බී. ජයතිස්ස මහතා පවසයි.

රත්තොට ප්‍රාදේශීය සභාව විසින් රුපියල් ලක්ෂ 50ක් වැය කොට තැනූ කුරුවාව ළමා උද්‍යානය ජනතා අයිතියට පැවරූ අවස්ථාවේදී මන්ත්‍රිවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

නීල හරිත ගම්මානයක් සඳහා කන්දේහේන ප්‍රදේශයේ අක්කර 05ක බිම් කොටසක් තෝරා ගෙන ගස් 4800ක් කපා ඉවත් කිරීම හා හපුගස්පිටිය වත්තේ නීල හරිත ගම්මානයක් ඉදිකිරීමට කොස් ගස් 450ක් කපා ඉවත් කිරීම වළක්වා මෙම ගම්මාන සඳහා පරිසර හානියකින් තොර බිම් කොටස් ලබාදුන් අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම්වරිය ඉහළ නියෝගයකින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම කෙතරම් සාධාරණ දැයි වැඩිදුරටත් ඒ මහතා ප්‍රශ්න කර සිටී.

Leave A Reply

Your email address will not be published.