Take a fresh look at your lifestyle.

‘#එකටසිටිමු’ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී

එක්ව සිතන්න, එක්ව හැදෙන්න තේමාව යටතේ පවත්වනු ලබන ‘#එකටසිටිමු’ සමාජ ව්‍යාපෘති මාලාවේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය 2019 පෙබරවාරි 12 වැනි දින පස්වරු 5.00 සිට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි ඩච් හොස්පිට්ල් (Dutch Hospital) සාප්පු සංකීර්ණ පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජාතික වැදගත්කමකින් යුත් මෙම වැඩසටහන සඳහා මැති ඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු රැසක් ද සහභාගී වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව මෙම සමාජ ව්‍යාපෘතිය සිදුකරයි.

Leave A Reply

Your email address will not be published.