Take a fresh look at your lifestyle.

“මින් පසු බාල හෙල්මට් තහනම්”

ප්‍රමිතියෙන් තොර යතුරුපැදි හෙල්මට් ආනයනය තහනම් කරන බව, අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් යතුරුපැදි සම්බන්ධ අනතුරු වේ. එම නිසා මිය යන සංඛ්‍යාව වැඩිවීමට මෙවැනි හෙල්මට් හේතුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති මාර්ග ආරක්ෂාව හා මාර්ග අනතුරු අවම කරගැනීම පිළිබඳ පාසල් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මෙය සංවිධාන කළේය.

Leave A Reply

Your email address will not be published.