Take a fresh look at your lifestyle.

ජල ආචාර මැද “තායි ලයන්” වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය විසින් ඊයේ (30දා) උදෑසන ආරම්භ ලැබුවා.

මෙහි මංගල ගුවන් ගමන තායි ලයන් එයා ගුවන් සේවයේ එස්.එල්.- 230 දරණ ගුවන් යානය ඊයේ උදෑසන 9.30 ට තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුණා.

මෙම ගුවන් යානය ජල ආචාර පවත්වමින් කටුනායක ගුවන් තොටුපළේ දී මහත් හරසරින් යුතුව පිළිගත් බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් ගමන සඳහා බෝයිං 737 – 900 වර්ගයේ නවීනතම ගුවන් යානයක් යොදවා තිබූ අතර, එහි ගුවන් මගීන් 122 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 07 ද පැමිණ සිටියා.

නව ගුවන් සේවාව සතියේ සෑම දිනකම තායිලන්තයේ ඩොංමියෑං සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.

තායි ලයන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය, ගුවන් තොටුපල කාර්යමණ්ඩලය විසින් පිළිගත් ආකාරය කාගේත් අවධානයට ලක්වුණා.ඔවුන් ඒ සඳහා පිළිගැනීමේ නර්තනයක් සුදානම් කර තිබීම විශේෂත්වයක්.

Leave A Reply

Your email address will not be published.