Take a fresh look at your lifestyle.

‘අඩෝ’ පටන් ගත්තා

සුපුන් රත්නායක විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ‘අඩෝ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. සුපුන් රත්නායක පවසන පරිදි පිටපත සම්පුර්ණ කිරීම සඳහා වසර දෙකහමාරක කාලයක් වැය කොට තිබෙනවා.

මෙහි රංගනයෙන් දසුන් පතිරණ, කලණ ගුණසේකර, සමනලී ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජයසිරි, ශලනි තාරකා, මධුර ප්‍රභාශ්වර, ශලනි තාරකා, ජයනි සේනානායක, ජනක් ප්‍රේමලාල්, සරත් චන්ද්‍රසිරි, ආනන්ද අතුකෝරල, මිලින්ද මඩුගල්ල, දිනිති වල්ගමගේ, නිල්වලා විශ්මාලි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

සම අධ්‍යක්ෂණයෙන් දිනිෂ් විජේසිංහ, නිෂ්පාදනයෙන් කපිල නවරත්න, කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති සහ සංගීත අධ්‍යක්ෂණයෙන් අනුෂ්ක වීරසිංහත් මෙම නිර්මාණය සඳහා දායක වෙනවා.

‘අඩෝ’ ටෙලි නාට්‍යය සුපුන් රත්නායකගේ සිව් වන ටෙලි නිර්මාණයයි.

අඩෝ ටෙලි නාට්‍යයේ ඉදිරි වැඩකටයුතු වලට, ජනයුගය අපෙන් සුභපැතුම්.

1 Comment
  1. Gihan Rathnayake says

    එළ මචං

Leave A Reply

Your email address will not be published.