Take a fresh look at your lifestyle.

තම මුලික වැටුප රුපියල් 700 ක් නොව රුපියල් 1000 දක්වා වැඩි විය යුතු බව පවමින් වතු කම්කරුවෙක් විරෝධතාවයක

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එක්බද්ධ වෘත්තිය සමිතියත් රජය පාර්ශවයත් එක් වි තම දෛනික මුලකි වැටුප රුපියල් 700 දක්වා වැඩි කිරිමට ගත් එකඟතාව පිළි නොගන්නා බව පවසමින් වතු කම්කරුවෙක් හැටන් නගරයේ මල්ලිඅප්පු මංසන්ධියේ සත්‍යග්‍රහයක් අරම්භ කර ඇත.

ඊයේ (26) උදැසන 10ට හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පදිංචි 57 හැවිරිදි සිවනාද ගනේෂන් විසින් මෙම සත්‍යග්‍රහය අරම්භ කර ඇත.

තමන්ට රු 1000ක මුලික වැටුපත් ලබාදෙන ලෙස වතු කම්කරුවන් කිසිවෙක් දේශපාලන අධිකාරියෙන් ඉල්ලා නොසිටි බවත්, දේශපාලන අධිකාරිය විසින්ම රටේ දැනට පවතින ජිවන වියදම අනුව රුපියල් 1000ක දෛනික මුලික වැටුපක් ලබාදෙන බව ප්‍රකාශ කරමින් රුපියල් 700ක දෛනික මුලික වැටුපක් ලබාදිමට කටයුතු කිරිම පිළිගත නොහැකි බවයි නිවනාද ගනේෂන් කියා සිටින්නේ.

රටේ දැනට පවතින ජිවන වියදම අනුව එම රුපියල් 700 මුලික වැටුප ප්‍රමාණවත් නොවන බවත්, දේශපාලන අධිකාරිය මගින් පොරොන්දු වු රුපියල් 1000ක දෛනික මුලික වැටුප ලබාදෙන ලෙසයි සිවනාද ගනේෂන් තවදුරටත් කියා සිටින්නේ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave A Reply

Your email address will not be published.