Take a fresh look at your lifestyle.

වටවල වන රක්ෂිතයෙත් ගින්නක් ඇති වෙයි

වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක හට ගත් ගින්නකින් අක්කර 4ක පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වී තිබුණා.

රක්ෂිතයේ හට ගත් ගින්න අද (25) අලුයම තෙක් පැවති අතර අලුයම් කාලයේ වටවල ප්‍රදේශයේ පැවති අධික සීතල සහ පිනිබර කාලගුණයත් සමඟ ගින්න නිවී ගොස් තිබෙනවා.

මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇත්තේ කිසියම් පිරිසක් බව වටවල පොලීසිය සැකකරනවා.

Leave A Reply

Your email address will not be published.