Take a fresh look at your lifestyle.

ජාතික මත්ද්‍රව්‍යය නිවාරණ පාසල් සතිය ආරම්භ කරයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත මත්ද්‍රව්‍යය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් ක්‍රියාත්මක කරන මතින් නිදහස් රටක් සංකල්පය යටතේ ජාතික මත්ද්‍රව්‍යය නිවාරණ පාසල් සතිය ඊයේ (21) සිට ආරම්භ කෙරුනා.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන සිංහල සහ දෙමළ පාසල් කිහිපයකම ‘මත්ද්‍රව්‍ය වලින් බේරෙන හැටි අපි’ මැයෙන් ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ නිලධාරින් විසින් පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් ඊයේ දියත් කරනු ලැබුවා.

අත් පත්‍රිකා බෙදා දෙමින් සහ පොස්ටර් ප්‍රදර්ශනය කරමින් මත්‍ ද්‍රව්‍යය නිවාරණය පිලිබදව පාසල් ළමුන් දැනුවත් කල අතර මෙම සතිය පුරා ප්‍රදේශයේ සියළුම පාසල් වල සිසු සිසුවියන් සහ ගුරුවරුන්ව යුධ හමුදා නිලධාරින් විසින් දැනුවත් කිරිමට නියමිතයි.


චමත් කාවින්ද
ජනයුගය හැටන් වාර්තාකරු

1 Comment
  1. Wihanga Disasekara says

    Good

Leave A Reply

Your email address will not be published.