Take a fresh look at your lifestyle.

දොස්තරලා නැති නිසා බලන්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි

බළන්ගොඩ මූළික රෝහලේ දැඩිසත්කාර ඒකකය වසා දැමීම පියවර ගෙන ඇත.

ප්‍රමාණවත් වෛද්‍යවරු නොමැති වීමෙන් මෙම තත්වය උද්ගතවඇති ඇතැයි වෛද්‍ය අධීකාරී වෛද්‍ය බී. එම්. එස් දසනායක මහතා සඳහන් කළේය.

පසුගිය 17 වැනිදා සිට මෙම තීරණය ගෙන ඇත.

බළන්ගොඩ මූළික රෝහලේ වෘත්තීය සංගම් එකමුතුව ද දැඩිසත්කාර ඒකකයවසා දැමීමට විරෝධය පා සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
රජයේ ‍හෙද නිලධාරීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන්ගේ සංගමය එක්ව සිය විරෝධය පාමින් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත දන්වා ඇත.

ප්‍රින්ස් රත්නායක

Leave A Reply

Your email address will not be published.