Take a fresh look at your lifestyle.

ආහාර අතින් අල්ලා අලෙවිය තහනම්

මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.

මීට අදාළව ඉදිරි මාස 03ක කාලය තුළ, ජනතාව, පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට පළාත් හා දිස්ත්‍රික් සහ ප්‍රා‘දේශීය සෞඛ්‍ය බලධාරීන්ට පසුගියදා (16) උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

මෙම නීතිය යටතේ මැයි පළමු දිනෙන් පසු වඩයක්වත් අතින් අල්ලා අලෙවි කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.