Take a fresh look at your lifestyle.

උඳු බද්ද වැඩි කරයි

ආනයනික උඳු සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 කින් ඉහළ දමා තිබෙනවා.

මීට පෙර ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 125 ක බද්දක් පැවති අතර, එය රුපියල් 200 ක් දක්වා වැඩි කිරීමටයි ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත්තේ.

දේශීය උඳු ගොවියා නඟා සිටුවීම සඳහා මෙලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවූ බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.