Take a fresh look at your lifestyle.

සිංහරාජ වන විනාශය ගැන විමර්ශනයක් ඉල්ලයි

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිදුවන වන විනාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස යුනෙස්කෝ සංවිධානය පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව මෙම ඉල්ලීම කර ඇත්තේ පරිසර අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට ලිපියක් යොමු කරමිනි.

සිංහරාජ අඩවියේ ඉදිවෙමින් පවතින වැද්දාගල කුඩව මාර්ගය මගින් එම වනාන්තරයට සිදුවන හානිය පිළිබඳව ජාතික පාරිසරික පදනම හා සොබාදහම් මධ්‍යස්ථානය කළ පැමිණිල්ලකට අනුව මෙම විනාශය පිළිබඳව සොයා බලා අදාළ බලධාරීන් දැනුම්වත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වැඩිදුරටත් දන්වා තිබේ.


තනුජා නානායක්කාර

Leave A Reply

Your email address will not be published.