Take a fresh look at your lifestyle.

මුතුරාජවෙල අභයභූමිය ගිනි ගනියි

මුතුරාජවෙල රක්ෂිතයේ පට්ටිවෙල කොටසේ හට ගත් විශාල ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දෙසීයක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා..

ඊයේ(01) පස්වරුවේදී මෙම ගින්න හට ගෙන ඇති අතර තවමත් ගින්න පැතිරෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.

ගින්න මේ වන විට රක්ෂිතයට යාබදව ඇති පුබුදුගම ගම්මානයට පැතිර යාම වැළක්වීම සඳහා ගුවන් හමුදාව හා යුද හමුදාව හා පොලීසිය එක්ව මෙහෙයුමක් දියත් කරන බව වාර්තා වෙයි.

ගින්න නිවීමේ කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටරයක්ද යොදා ගෙන ඇත.

මේ අතර ගින්නට මැදි වීම නිසා රක්ෂිතයේ වන සතුන් සහ ශාක රැසක් ද විනාශ වී ඇති බව වාර්තා වෙයි.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව ගම්පහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave A Reply

Your email address will not be published.