Take a fresh look at your lifestyle.

වැලිකඩ රැඳවියන් 18කට වෙස් තබයි

බන්ධනාගාරගතව සිටින රැඳවූවන් නිදහස් වී ගිය පසු සමාජයේ දී නිවරැදිව වෘත්තීන්වල නිරතවීම සඳහා විවිධ වෘත්තීය පුහුණුකිරීම් බන්ධනාගාරය තුළදී සිදු කෙරෙනවා.

ඒ ආකාරයෙන් වැලිකඩ බන්ධනාගාරගතව සිටින රැඳවුවන් වෙනුවෙන් පාරම්පරික නර්තන කලාවන් පුහුණු කිරීමද සිදු කෙරුණා.

ඒ ආකාරයෙන් පුහුණු වූ රැඳවියන් 18 දෙනෙකු පසුගියදා වෙස් තැබීමේ අවස්ථාවකට එක් වුණා.

ඉන් එක් අයෙකු බන්ධනාගාර නිලධාරියකු වූ අතර මෙය බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායකගේ උපදෙස් මත සිදු කෙරුණා.

මෙම නර්ථන ශිල්පීන්ගේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරනු ලැබූවේ බන්ධනාගාර නිලධාරී ජේ. එච්. කේ. ජානක වන අතර එහි අධීක්ෂණ කටයුතු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තුසිත ඉන්ද්‍රජිත් උඩුවර, සහකාර බන්ධනාගාර අධිකාරී සේනක පල්ලෙතැන්න, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක සහ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී පියසිරි බටගොඩ යන නිලධාරීන් විසින් සිදු කළා.


නිශාන් ද සිල්වා

Leave A Reply

Your email address will not be published.