Take a fresh look at your lifestyle.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු මඩකලපුවේ මාර්ග බාධකයකින් හමුවේ

වෙඩි වැදීමෙන් මිය ගිය බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනිතව් පොලිස් මාර්ග බාධකයේ තිබී හමු වී තිබෙනවා.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බවත් ඊයේ පස්වරු 6.00 ට මොවුන් රාත්‍රී රාජකාරි සඳහා මෙම මාර්ග බාධකයට පැමිණ ඇති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා රාජකාරිය අද පෙරවරු 10.00ට නිමවීමට නියමිතව තිබු අතර රාජකාරි භාර ගැනීමට එහි ගිය වෙනත් කොස්තාපල්වරයෙක් මොවුන් දෙදෙනාගේ මළ සිරුරු දැක ඇති අතර ඒ අනුවයි ඔහු මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ති‌බෙන්නේ.

Leave A Reply

Your email address will not be published.