Take a fresh look at your lifestyle.

ෆොර්ඩ් සහ වෝල්මාර්ට් අතිනත ගනී

ලෝකයේ ප්‍රධාන පෙළේ ඇමෙරිකානු වාහන නිෂ්පාදන සමාගමක් තමයි ෆෝර්ඩ් සමාගම. එතකොට වෝල්මාර්ට් සමාගම කියලා කියන්නේ ඇමෙරිකාවේ ආරම්භ වෙලා ලෝකයේ රටවල් සියයකට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වුණු බෙදා හැරීමේ සමාගමක්. මේ සමාගම් දෙක එකට එකතු වෙන්න පහුගිය කාලයේ තීරණයක් ගත්තා. මේ විදියට මේ සමාගම් දෙක එකතු වීමෙන් ෆෝර්ඩ් සමාගමට වගේම වෝල්මාර්ට් සමාගමටත් විශාල වාසි රැසක් අත් වෙනවා. මේ දක්වාත් ෆෝර්ඩ් සමාගමේ නිෂ්පාදන අපනයනය නොකළ රටවලට වෝල්මාර්ට් සමාගම හරහා සිය වාහන හඳුන්වා දෙමින් ව්‍යාප්ත කරන්න මේ එකතුව නිසා ෆෝර්ඩ් සමාගමට පුළුවන් වෙනවා. ඒ වගේම ෆෝර්ඞ් වගේ ලෝක ප්‍රකට වාහන නිෂ්පාදන සමාගමක් විසින් සිය නිෂ්පාදන ලෝකයට ව්‍යාප්ත කරන්න වෝල්මාර්ට් සමාගම තෝරා ගැනීම නිසා වෝල්මාර්ට් සමාගමට එය ආඩම්බරයට කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වැඩෙන් දෙගොල්ලෝම ගොඩ යනවා.

Leave A Reply

Your email address will not be published.