මේක ශ්‍රී ලංකාවේ විදුලි වාහන භාවිතා කරන්නන්ට බොහොම වටිනා ආරංචියක්. ඒ තමයි මහරගම නගරයේ විදුලි කාර් charging point එකක් ආරම්භ කරලා තියෙනවා කියන පුවත. මීට පෙර විදුලි කාර් charging point එකක් තිබුනේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ පමණයි. තව මාසයකින් පමණ අවිස්සාවේල්ල ප්‍රදේශයේත් මෙවැනිම charging point එකක් ස්ථාපිත කිරීමට නියමිතයි කියලයි අපිට දැනගන්න ලැබුනේ. මේ විදියට ශ්‍රී ලංකාව පුරාම විදුලි වාහන charging point ඉදිරියේදී ස්ථාපිත වීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ පර්යේෂණ ශාඛාවේ ව්‍යාපෘතියක්.
Prev Post
Next Post