Take a fresh look at your lifestyle.

අවුරුදු 6ක් යන තෙක් පාරමී වසන්තිට මාසික දීමනාවක්

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පදක්කම් ලාභි පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට මාසිකව රුපියල් 25,000 ක් බැගින් පිරිනැමීට අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කර තිබෙනවා.

මෙම දීමනාව වසර 6 ක් යනතුරු ඇයට පිරිනැමිමට හැකි අන්දමින් කැබිනට් අනුමතියක් ලබා ගැනිමටයි තිරණය වි ඇත්තේ. මෙම දිමනවා ඇයගේ පුහුණුකරුට ද පිරිනැමෙනවා.

ආර්ජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද (26) තිළිණ ප්‍රදානයක් සිදුකෙරුණා. මේ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ඇයට මලල ක්‍රීඩාව පිළිබඳව කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් හිමි වීමටත් නියමිතයි. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් ද පිරිනැමුවා.

දුෂ්කරතා මධ්‍යයේ මෙවැනි දක්ෂතා දැක්විය හැකි සිසු දරුවන් සිටීම මුඵ රටටම ආඩම්බරයක් බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනා.

Leave A Reply

Your email address will not be published.