ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වශයෙන් තමාට කටයුතු කිරීමට බාධා පැමිණවීම වළක්වාලමින් තීන්දුවක් ලබාදෙන මෙන් මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත..
එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පෙත්සම්කාර මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී එහි සභාපති ධුරයෙන් තමන් ඉවත් කළ බවට ප්‍රකාශ වී ඇති බවයි.
එම තීරණය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බවද ඔහු සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.
ජී. එල්. පීරිස් මහතා මෙම පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ තමන් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමා එම ධුරයේ කටයුතු කිරීමට සිදු කරන බාධාකිරීම් වැළැක්වීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි.