පසුගිය දා ප්‍රතිඵල නිකුත් වූ ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ හින්දු ජනතාව 84%කට වැඩි ප්‍රමාණයක් සිටියදී හින්දු ජාතිකවාදී අන්තවාදී ක්‍රියාමාර්ග තුළින් බලය තහවුරු කර ගැනීමට උත්සාහ කළ අගමැති නරේන්ද්‍ර මෝදි දැවැන්ත පරාජයක් ලැබීම පිළිබඳව විමර්ශනාත්මක වාර්තාවක් මැයි 21 ඉරිදා ලංකාදීප පුවත්පතේ පළකර තිබිණි.
මාධ්‍යවේදී ලුසිත් ජයමාන්න සකස් කර තිබූ එම සම්පූර්ණ ලිපිය උපුටා ගෙන පහත දැක්වේ.
මෝදිට රතු එලි පෙන්වන කර්ණාටක බල පෙරළිය
2024 වසර අප අසල්වැසි ඉන්දියාවට අතිශයන් වැදගත් එකකි. ඒ ඉන්දීය මහ මැතිවරණය 2024 අප්‍රේල් සහ මැයි යන මාසවල පැවැත්වීමට නියමිත බැව්නි. දිගටම බලයේ රැඳී සිටීම, අග්‍රාමාත්‍ය නරේන්දු මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදි කාරතීය ජනතා පක්ෂයේ අරමුණය. 72 හැවිරිදි මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2014 වසරේ සිටය. ඒ අතරතුර කාලයේ පැවැත්වෙන සෑම ප්‍රාන්ත සභා මැතිවරණයක් ම භාරතීය ජනතා පක්ෂයේත් අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේන් ජනප්‍රියත්වය උරගා බැලීමකි. පසුගිය 10 වැනිදා පැවැති කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණය ද එවැන්නකි.
පසුගිය 13 වැනිදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී. පිටපිට ධූර දෙකක් ප්‍රාන්තයේ බලය අල්ලාගෙන සිටි භාරතීය ජනතා පක්ෂ රජය පරාජයට පත් විය. ජයග්‍රහණය කළේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයයි. කර්ණාටක ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ රජය පරාජයට පත් වීම සහ කොග්‍රස් පක්ෂය ප්‍රාන්තයේ බලය අත්පත් තර ගැනීම සුවිශේෂී සිදුවීමකි. කොංග්‍රස් පක්ෂය ලැබුවේ එසේ මෙසේ ජයක් නොවෙයි. ඔවුන් ලැබුවේ බහුතර බලයක් සහිත ජයකි. ඒ අනුව, වෙනත් කිසිදු පක්ෂයක් හවුල්කර නොගෙන රජයක් පිහිටුවීමට කොංග්‍රසයට හැකිවෙයි.
කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත් වූයේ ආසන 224 කින් සමන්විත මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගැනීමටය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, රාහුල් ගාන්ධිගේ කොංගුස් පක්ෂය, ආසන 135 ක් දිනා ගැනීමට සමත් විය. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 43 කි අවසන් වරට තර්ණාටක ප්‍රාන්තයේ ප්‍රාන්ත සභා මැතිවරණයක් පැවැත් වූයේ 2018 දීය. 2018 දී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 104 ක් දිනා ගත්තේය. මෙවර ඔවුන්ට දිනා ගැනීමට හැකි වූයේ ආසන 16 ක් පමණි. ප්‍රාන්තයේ තෙවැනි දේශපාලන බලවේගය වූයේ ජනතා දල් පක්ෂයයි. මෙම පක්ෂය දිනා ගත් ආසන ගණන 19 කි.
දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ප්‍රාන්තයක් ලෙස සැලකෙන කර්ණාටක ප්‍රාන්තයේ බලය අහිමි වීම භාරතීය ජනතා පක්ෂය ලැබූ දැවැන්ත පසුබෑමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මාස හයක කාලයක් ඇතුළත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ලැබු දෙවැනි පරාජය මෙය යැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බරයේ හිමාචල් ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණු අතර එයින් ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පරාජය අත්විය.
අද වන විට කර්ණාටක ප්‍රාන්තයේ සමස්ත ජනගහනය 61,095,297 කි. එයින් බහුතරය හින්දු වැසියන්ය. හින්දු වැසියන් ගණන 51,317,472 කි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 84 කි. කර්ණාටක ප්‍රාන්තයේ මුස්ලිම් වැසියන් ගණන 7,893,065 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 12.92 කි. ක්‍රිස්තියානි වැසියන් ගණන 1,142,647 කි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 1.87 කි. (කර්ණාටක ප්‍රාන්තයේ බෞද්ධයෝ ද 95,710 ක් සිටිති.)
පරාජයට පත්වුණු හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත රජය පසුගිය කාලයේ නව නීති සහ රෙගුලාසි මාලාවක් ක්‍රියාවට නංවා තිබුණි. ඒ, ප්‍රාන්තයේ මුස්ලිම් වැසියන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගනිමිනි. හිපාබය පැළැදීමට වාරණ පැනැවිණි. අධ්‍යාපන ආයතනවල හිජාබය පැළඳි මුස්ලිම් බාලිකාවන්ට හිරිහැර සිදු විය. බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම් නැවැත්වීමට භාරතීය ජනතා පක්ෂ රජය පියවර ගත්තේය. ගව ඝාතන තහනම් කළේය. මෙම නීති සහ රෙගුලාසි හේතුවෙන් ප්‍රාන්තයේ මුස්ලිම් වැසියන්ගෙන් සහ ක්‍රිස්තියානි වැසියන්ගෙන් භාරතීය ජනතා පක්ෂ රජයට විරෝධයක් එල්ල වී තිබුණි.
මුස්ලිම් වැසියන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ද සිදුවිය. අඩන්තේට්ටම් සිදුවිය. හින්දු ජාතිකවාදී ප්‍රහාරකයන්ට, නව නීති මගින් ආරක්ෂාවක් සැලසිණි. පහරදීම් සහ අඩන්තේට්ටම් සාධාරණීකරණය කෙරුණි. මඝට ගවයන් ඝාතනය කළ මුස්ලිම් වැසියන් මහ පාරේ දෙනෝ දාහක් ඉදිරියේ පහර දී මරා දැමුණි. හින්දු කෝවිල් අසල මුස්ලිම්වරුන්ට වෙළෙද කටයුතු තහනම් කෙරුණි. මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කෙරුණි. මුස්ලිම්වරුන් පිළිකුල් කරමින්, මුස්ලිම් භීතිකාවක් ඇති කරමින්, භාරතීය ජනතා පක්ෂය සිය පාලනය ගෙන ගියේය. එය ඔවුන්ගේ පරාජයට හේතු වූ බව රහසක් නොවෙයි.
“භාරතීය ජනතා පක්ෂ රජය සාමකාමීව නිදහසේ ජීවත් වීමට කැමති ප්‍රාන්තයේ සුළු ජාතීන්ට කෙනෙහිලිකම් කළා. ආගම්වාදයක් ඇති කළා. ආගම්වාදය මත ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කළා. අවසානයේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන. යහපාලනයට කැමැති, සාමයට ආදරේ, බුද්ධිමත් කර්ණාටක වැසියන් තීරණයක් ගත්තා. ඔවුන් භාරතීය ජනතා පක්ෂ පාලකයන් ප්‍රතික්ෂේප කළා.” යැයි ලැබූ ජය සමරමින්, කර්ණාටක ප්‍රාන්තයේ කොංග්‍රස් නායක අශෝක් මරිදාස් පවසා ඇත.
කර්ණාටක ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂය ලැබූ ජය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට ඉතා වැදගත් බව අවිවාදයෙන් පිළිගත යුතුය. රාහුල් පසුගිය කාලය පුරා උත්සාහ ගත්තේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වීමටය. 2019 ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදි භාරතීය ජනතා පක්ෂය ජය ගත්තේ, රාහුල් ගාන්ධි, මව සෝනියා ගාන්ධි සහ රාහුල්ගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයට ඇපත් නැති කරමිණි. 2019 මහ මැතිවරණයේ දී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් දිනා ගත්තේය. රාහුල්ගේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ජාතික කොංග්‍රසයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 44 ක් පමණි. ගාන්ධි පවුලේ උරුමය ලෙස සැළකෙන කොංග්‍රස් පක්ෂයට තව දුරටත් ජන වරමක් නොමැති බව 2019 මහ මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය කියා සිටියේය.
ගිලිහී ගිය ජනප්‍රියත්වය සහ ජනතා විශ්වාසය තහවුරු කර ගනිමින්, කොංග්‍රස් පක්ෂයට නව පන්නරයක් දෙමින්, රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් පසුගිය වසරේ ‘භාරත් ජෝදෝ යාත්‍රා’ නමින් පාද යාත්‍රාවක් ආරම්භ විය. කොංග්‍රස් පක්ෂ නායකයන් සහ ක්‍රියාකාරීන් මෙන්ම පක්ෂයේ යොවුන් නායකත්වය ද මෙම පාද යාත්‍රාවට එක් වූයේ මහත් උනන්දුවකින් සහ උද්‍යෝගයකිනි. පාද යාත්‍රාව ආරම්භ වූයේ දකුණු ඉන්දියාවේ කන්‍යා කුමාරි සිටය. එය අවසන් වූයේ කාශ්මීරයෙනි. දින 150 ක් තිස්සේ කිලෝ මීටර් 3500 ක දුරක් ගමන් කළ පාද යාත්‍රාව ඉන්දීය ප්‍රාන්ත 12 ක් පසු කළේය. පාද යාත්‍රාව හරහා රාහුල් ගාන්ධි ප්‍රමුඛ පිරිස කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණ කොට්ඨාස 20 ක් ද පසු කරමින් ඇවිද ගියහ. එහි දී කොංග්‍රස් පක්ෂයට ලැබුණු සහයෝගය සුළුපටු එකක් නොවිණි. ‘හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ රජය කර්ණාටක ප්‍රාන්ත වැසියන් අතරේ පතුරුවා තිබුණේ වෛරයයි. ඒත් දැන් සියල්ල අවසන්. ආදරයට දොර ඇරිලා. කර්ණාටක වැසියන්ට සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න අවස්ථාවක් උදා වෙනවා” යැයි කර්ණාටක ප්‍රාන්තයේ ජය සමරමින් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි පවසා ඇත.
රාහුල් ගාන්ධි දේශපාලනය වෙනුවෙන් දිවි කැප කළ නායකයෙකු බව පැහැදිලිය. 52 හැවිරිදි රාහුල් ගාන්ධි අවිවාහකය. රාහුල් ගාන්ධිගේ මව සෝනියා, ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවය,පියා රජීවී ගාන්ධිය.හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රජීව් ගාන්ධි ඝාතනය වුයේ එල්ටීටීඊ බෝම්බකාරියක අතිනි. රජිව් ගාන්ධි යනු හිටපු අග්‍රාමාත්‍යවරියක වන ඉන්දිරා ගාන්ධිගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. ඉන්දිරා ගාන්ධි විවාහ වූයේ ෆෙරෝස් ගාන්ධි සමඟය. රාහුල් ගාන්ධි ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී ජවහර්ලාල් නේරුගේ මී මුනුපුරාය, ජවහර්ලාල් නේරුගේ බිරිද කමලා නේරුය.
පසුගිය කාලයේ රාහුල් ගාන්ධිට සිර දඬුවම් පවා නියම විය. ඒ, ඔහු මැතිවරණ රැළියකදී “මෝදිලා ඔක්කොම හොරු” යනුවෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයට වරදකරු කරමිනි රාහුල්ට දෙවසරක සිර දඬුවමක් නියම කළේ ගුපටයේ සුරාට අධිකරණයයි. රාහුල් ගාන්ධි එම ප්‍රසිද්ධ ප්‍රකාශය කර ඇත්තේ, 2019 වසරේ මහ මැතිවරණයට පෙර පැවැති මැතිවරණ රැළියකදිය. රාහුල්ගේ එම ප්‍රකාශයට එරෙහිව එවකට ගුජරාට අමාත්‍යවරයකු වූ පුර්තේෂ් මෝදි විසින් සාපරාධි අපහාස නඩුව ගොනු කළේය. පූර්තේෂ් මෝදි සහ ඉන්දීය අග්‍රාමාත්‍ය තරෙන්ද්‍ර මෝදිගේ කිසිදු ඥාති සබන්ධයක් නැත. 2019 දී රාහුල් ගාන්ධි, මෙසේ ‘මෝදි වාසගම විචනය කළේ නිරව් මෝදි සහ ලලිත් මෝදි සිහිපත් කරමිනි. නිරවී මෝදි සහ ලලිත් මෝදි ව්‍යාපාරිකයන් වන අතර ඔවුන්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ. නිරට මෝදි සහ ලලිත් හොදි ද ඉන්දීය අග්‍රාමාත්‍ය හරේන්ද්‍ර මෝදිටු සම්බන්ධයක් නැත. රාහුල් ගාන්ධි දකුණු ඉන්දියාවේ තේරළ ප්‍රාන්තයේ වයනාද් ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකි. පුරාෆ්ට් අධිකරණය දෙවසරක සිර දඬුවමක් නියම කිරීමත් සමඟ රාහුල්ට මන්ත්‍රී ධුරය අහිමි විය.
රාහුල් ගාන්ධි අභියාචනා දෙකක් ගුට් අධිකරණයේ ගොනු කළ අතර ඔහුගේ නඩුව විභාග කර අවසන් වන තෙක් සාපරාධී අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් රාහුල් ගාන්ධි ගොනු කර තිබු එම අභියාචනය ගුජරාට් අධිකරණය ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් දෙවැනි අභියාචනය ගුජරාට් අධිකරණය පිළිගත් අතර, නඩුව විභාග කර අවසන් වන තෙක් රාහුල් ගාන්ධිට ඇප ලබා දුන්නේය. සාපරාධී අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ගොනු කළ අභියාචනය ගුප්රාට් අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධිට සිය මන්ත්‍රී ධූරය නැවත ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වූ අතර, ඔහුට ඉදිරි මැතිවරණ සදහා තරග වැදීමට ද හැකියාවක් නැත.
නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වුණු බව ඉන්දීය මාධ්‍ය පැහැදිලි කර තිබේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102 (1) ( ඊ) වගන්තියේ විධිවිධාන අනුව සහ 1951 ඉන්දීය මහප්ත නියෝජන පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි විය සිදු විය. 8 වැනි වගන්තියට අනුව මන්ත්‍රීවරයකුට ඕනෑම වරදකට වරදකරු වී වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් සිර දඬුවමක් නියම වුවහොත් ඔහු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකි.
ලුසිත ජයමාන්න (ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)