පානදුර උතුර පොලීසිය විසින් ඊයේ(24) රාත්‍රියේ අත්අඩංගුවට ගත් කාන්තාවක් හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් වෙයි. මියගොස් ඇති කාන්තාව නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ නිවස වටලා සැකකාර කාන්තාව නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන ඇත
පොලීසිය පවසන්නේ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන අතරතුර හදිසියේ අසනීපව වූ බවත් පවුලේ ඥාතීන් කැදවා රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දුන් බවයි.
රෝහල් ගතකිරිමේ දී මෙම සැකකාර කාන්තාව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.