Take a fresh look at your lifestyle.

“මහින්දගේ අගමැති සිහිනය සැබෑ විය”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

මීට මඳ වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි වාර්තා වන්නේ.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් අනතුරුවයි.

එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුයෙන් ඉවත් වීමේ තීරණය මේවන විටත් කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි.

 

දිවුරුම් දුන් අවස්ථාවේ වීඩියෝව පහතින්

 

Leave A Reply

Your email address will not be published.