Take a fresh look at your lifestyle.

ඉන්ධන ආනයනය හා විකිණීම සඳහා තවත් විදෙස් සමාගම් තුනකට අනුමැතිය !

මෙරටට ඉන්ධන ආනයනය හා විකිණීම සඳහා තවත් විදෙස් සමාගම් තුනකට අනුමැති දී දී ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ චීනයේ සිනොපෙක්, අමෙරිකානු ආර්.එම්. පාක්ස්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම් සදහා මෙම අවසරය හිමිව ඇති බවයි. දැනට ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හල් 450 සහ නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් ඔහු පවසයි.

මේ අතර ලංකා කණිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමට එරෙහිව තෙල් සංස්ථා වෘත්තීය සමිති විසින් සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත. රජය ඊට ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් මාරාන්තික උපවාසයක් ආරම්බ කරව බවද වෘත්තීය සංගම් ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.