Take a fresh look at your lifestyle.

ටෙලිකොම් රජයේ සියළු කොටස් විකුණා දමයි – රටේ කිසිම දුරකතන සමාගමක් රජයට නෑ !

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් හි ශ්‍රී ලංකා රජය සතු සියලු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. මේ බව කොළඹ කොටස් වෙළඳපොළට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් දැනුම් දී ඇත.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි මෙම කොටස් ඉදිරියේ දී විකිණීම සිදු කරනු ඇති බවද ඔහු දන්වා ඇත.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි කොටස් 49.5% මහා භාණ්ඩාගාරය සතු වන අතර ලංකා හොස්පිටල් හි කොටස් සියයට 51.34% ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතියි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් අයිතිය අතහැරි පසු ශ්‍රී ලංකා රජය සතුව මෙරයඉකිසිදු සන්නිවේදන සමාගමක හිමිකාරීත්වයක් නොමැත.

Leave A Reply

Your email address will not be published.